Stream Lanka - Watch Videos Online
Welcome
Login / Register

The Shannara Chronicles - Season 1


                   කිවා වගේම ඔන්න අපි තවත් TV Series එකක් අරන් අවා. මේකේ නම තමයි The Shannara Chronicles. 2016 වසරේ තමයි මේ අලුත් TV Series එක මුලින්ම විකාශය උනේ. දැනට මෙම කතා මාලාවේ කතාංග 2ක් නිකුත් වෙලා තියෙනවා. පළමු කතාංගය විකාශය උනේ MTv නාලිකාවේ. හරි අපි බලමුකෝ පොඩ්ඩක් මේක ගැන විස්තර.

                     පළමු කතාංගයට මේ වන විට 7.4 වගේ IMDb අගයක් ලැබිල තියෙනවා. මේ කතාවට පාදක වෙලා තියෙන්නේ “TERRY BROOKE” නම් රචකයාගේ ග්‍රන්ථයන් ත්‍රිත්වයක්. මේ කතාව ක්‍රියාදාම , යුධ මෙන්ම ආදර යන අංශවලින් මෙන්ම මිනිසුන්ගේ මිත්‍යා විශ්වාස හා ඇදහිලි පිළිබද අපුර්ව ආකාරයේ ප්‍රතිමුර්තියක් කියන්ඩ නම් පුළුවන්. මෙහෙහි ප්‍රධාන චරිත

  • AUSTIN BUTLER(විල් ඔහාම්ස්ෆොර්ඩ්)
  • MANU BENNET(ඇලනොන්)
  • JOHN RHYS-davies(ඉවන්ටයින්)
  • POPPY DRAYTON(ඇම්බර්ලි කුමරිය)
  • IVANA BAQURIO(ඉරේට්‍රියා)

වන අතර. ඔව්න්ගේ සුවිශේෂී රංගයන් ඔබට මෙම කතාංගය තුලි දැක ගන්න පුළුවන්. හරි අපි පොඩ්ඩක් බලමු කතා සාරාංශය ගැන 

                    මේක රජ කාලේ කතාවක්. රජ කාලේ කීවට අමුතු කාලයක් මේක. බැලුවම තේරේවි ඔයාලට. එක් රාජධානියක තියෙනවා එල්ක්‍රිස් කියල මායා වලින් පිරුන ගසක්. මේ මායා ගස තමයි එම රාජධානියේ ප්‍රධාන වස්තුව වශයෙන් සලකන්නේ නැත්තන් හදවත් කියන්ඩත් පුළුවන්. මෙම ගසෙන් අදුරු ලෝකයේ යක්ෂයන්ට මෙම රාජධානියට බලපෑම් ඇතිකරන්ඩ බැරිවෙන අයුරින් බාධා පමුණුවනවා. මෙම ශාකයේ සැම පත්‍රයකින්ම එක යක්ෂයෙක් නිරුපන වන අතර එම පත්‍රයක් හැලුණු විගස එම යක්ෂයාට නිදහස හම්බ වෙනවා සාමාන්‍ය ලෝකයට එන්න. ඉතින් මේ රාජධානියේ රජුගේ ප්‍රධාන කාර්ය තමයි මේ ගස ආරක්ෂා කරගන්න එක. එකට එයාල තරගයක් තියනවා ශක්තිවන්ත පුරුෂයන් 8 තොරගන්ඩ ඉතින් මේ රජාගේ දුවත් මේ තරගේට සම්ප්‍රධායන් නොසලකා ඉදිරිපත්වෙනවා. ඇය නමින් “අම්බර්ලි” කොහොම හරි ඇය මේ තරගය ජයගන්නවා ඉතින් මෙලෙස තේරීපත් වූ අටදෙනා අතර මේ කුමරියත් ඉන්නවා ඔවුන්ට අර මායා ගස රැකබලාගන්ඩ භාර දෙනවා.

                  ඉතින් මේ කුමරිය අර මායා ගසට අත තිබ්බම ඒ ගස ඇයට කතා කරනවා මේ රාජධානියට සිදුවන දෙයක් පෙන්නවා. ම්ම් මොකක් වෙන්ඩ පුලුවන්ද කියන්ඩ, හොද නෑ නේ. කොහොම හරි ඒ දැක්ක දේත් එක්ක කුමරිය මාලිගාවෙන් පිටවෙනවා. ඒ අවු අස්සේ මේමායා ගස මැරෙන්ඩ පටන් ගන්නවා එක එක පත්‍ර හැලෙනවා යක්ෂයෝ නිදහස් වෙනවා. ඒ අස්සෙම මේ රාජධානියේ අවසන් පුජකයා “ඇලනොන්” යලි ජිවය ලබනවා ඒවගේම නපුරු පුජකයෙක්ද උපත ලබනවා “ඩගඩා මෝර්” නමුත් මොහුගේ බලය පිරිහිලා තියෙන්නේ උපත ලබපු යක්ෂයින් එවල මායා ගස ආරක්ෂා කරන්ඩ හිටපු අයව මරනවා. දැන් ඉතුරු කුමරිය විතරයි. දැන් කුමරිය් මොනවා කරයි. ඉතුරු චරිත කෙසේ මේ කතාංගයට සම්බන්ද වෙයි ඔයාලට භාරයි ඒ ගැන බලන්ඩ

සුපුරුදු පරිදි 480p රූප තත්වයෙන් අපි ඔබට මේ කතාංගයේ සම්පුර්ණ කොටස් 10 තිලින කරනවා. ඔබට අවශ්‍යනම් 720p හා 1080p රුපතත්වයෙන්ද ලබාදෙන්න පුළුවන්. ඒ ගැන සදහනක් එක්කරන්ඩ. සියලුම කොටස් Direct Download ක්‍රිරීමේ හැකියාවෙන් යුක්තයි.

පල්ලේ තියෙනවා අපේ විස්තර ඔයාල ආසාකරන ,දන්න අලුත් Tv Series තියෙනම් අපට කියන්න අපි පුළුවන් තරම් ඉක්මණින් ඔයාට ඒවා අරන් එන්ඩ බලාපොරොත්තු වෙනවා.

ඔයාලගේ අදහස් ,යෝජනා ,චෝදනා හැම දෙයක්ම අපට කියන්ඩ 

 

Downolad The Shannara Chronicles - Season 1

1

The.Shannara.Chronicles.S01E01.x480p.mkv

2

The.Shannara.Chronicles.S01E02.x480p.mkv

3

The.Shannara.Chronicles.S01E03.x480p.mkv

4

The.Shannara.Chronicles.S01E04.x480p.mkv

5

The.Shannara.Chronicles.S01E05.x480p.mkv

6

The.Shannara.Chronicles.S01E06.x480p.mkv

7

The.Shannara.Chronicles.S01E07.x480p.mkv

8

The.Shannara.Chronicles.S01E08.x480p.mkv

9

The.Shannara.Chronicles.S01E09.x480p.mkv

10

The.Shannara.Chronicles.S01E10.x480p.mkv

 මෙම video තුල අඩංගු කිසිවකට අප වග කියනු නොලැබේ Video පිටපත් උපුටා දැක්වීමක් පමණි.

  • 03:03 The Shannara Chronicles - Season 1 Trailer

    The Shannara Chronicles - Season 1 Trailer

    by Mangala Namal Added 10 Views / 0 Likes

    The Shannara Chronicles is an upcoming television series by MTV set to premiere in January 2016. The filming of 10-episodes series wrapped in New Zealand in June 2015, and the first trailer was debuted on July 10, 2015. Alfred Gough and Miles Millar creat

RSS