Stream Lanka - Watch Videos Online
Welcome
Login / Register

Gamini Fonseka (ගාමිණී ෆොන්සේකා) - Streamlanka කලා ලෝකය

Thanks! Share it with your friends!

URL

You disliked this video. Thanks for the feedback!

Sorry, only registred users can create playlists.
URL


Added by Ruchira Lakshitha in Kala Lokaya
71 Views

Description

https://www.streamlanka.com

https://www.youtube.com/user/streamlanka/videos

#Streamlanka_කලා_ලෝකය

 

______________________________________________________________________________________________________

සෙම්බුගේ ෂෙල්ටන් ගාමිණී ෆොන්සේකා (දෙමළ: காமிணீ பொன்சேகா ) වන මොහු අග්‍රගණ්‍ය නළුවෙකුද, දේශපාලනඥයෙකුද වෙයි. සිංහල සිනමාවේ සක්විති සහ සිංහල එම්.ජී.ආර්. යනුවෙන් විරුදාවලි ලබයි.

සෙම්බුගේ ෂෙල්ටන් ගාමිණී ෆොන්සේකා උපත ලැබූයේ 1936 මාර්තු 21 වැනි දින දෙහිවලදීය. ඔහුගේ මූලික අධ්‍යාපනය ප්‍රෙස්බිටීරියන් (බාලිකා) සහ ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලයන් ගෙනි. සිංහල සිනමාවේ එදා මෙදා තුර බිහි වූ විශිෂ්ටත ම චරිතාංග නළුවෙකු වන ගාමිණී ෆොන්සේකා දකුණු ඉන්දියානු ආධිපත්‍යයට නතු වූ වේදිකා නාට්‍ය හා දකුණු ඉන්දීය සිනමා රංගනය පිටු දැක සිංහල සිනමා මාධ්‍යයට උචිත යථාර්ථවාදී රංග සම්ප්‍රදායක් මෙරට තුළ ගොඩ නැංවීමෙහි පුරෝගාමියෙකු ද වන ගාමිණී සිංහල සිනමාවේ පෙරළියක් ඇති කළ රංගන වේදියෙකි. එකල බොහෝ නළුවන් දකුණු ඉන්දියානු සම්භවයට නතු වීමත් පිරිමි පෞරුෂත්වයෙන් විනිර්මුක්ත වූ ස්ත්‍රී සුකුමාලත්වයන් සමඟ රඟපෑ නළුවන් හට ද පුරුෂාකාර ස්වභාවයක් මුල් වරට රඟමින් රංගනවේදය කියා දුන්නේ ඔහු ය.

තම ද්වීතියික අධ්‍යාපනය හමාර කිරීමෙන් පසු ගාමිණී ෆොන්සේකා සිනමා ක්ෂේත්‍රයට ඇතුළු වූයේය. ප්‍රථමයෙන් ඔහුට අවශ්‍ය වූයේ කැමරාකරුවකු ලෙස සේවය කිරීමටයි. මෙම බලාපොරොත්තුව ඔස්සේ ගමන් කළ ඔහුට ඩේවිඩ් ලීන්ගේ "ද බ්‍රිජ් ඔන් ද රිවර් ක්වායි" (Bridge on the River Kwai) සහ ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ රේඛාව (1956) යන චිත්‍රපට වලට සම්බන්ධ වීමට ඉඩ ප්‍රස්ථාව හිමිවිය. රේඛාව චිත්‍රපටයේ සමුහ දර්ශණයකට පෙනී සිටිමින් ඔහු රංගන ක්ෂේත්‍රයට පිවිසියේය. එමෙන්ම එකල ශ්‍රී ලංකාවේ දී රූගත කරනු ලැබූ ඉංග්‍රීසි රූපවාහිනී වැඩසටහනකටද ඔහු රංගනයෙන් දායක වූයේය.

"රන්මුතු දූව" හිදී ඇරඹූ ඔහුගේ ක්‍රියාදාම රංගනය "චණ්ඩියා", "ගැටවරයෝ", "සොරුන්ගෙත් සොරු" වැනි චිත්‍රපටවල සිට ලෙනින් මොරායස් අධ්‍යක්ෂණය කළ 'සූර' චිත්‍රපට මාලාව දක්වා ගාමිණී වර්ධනය කර ගත්තේ එම චරිතාංගයේම විවිධ පැතිකඩය.

එදා මෙදාතුර අති විශිෂ්ටතම චරිතාංග රංගනය ඉදිරිපත් කළ ගාමිණීගේ එම විශිෂ්ටතම රංගනය ඇතුළත් වූයේ නිධානය හි ය.

Post your comment

Comments

Be the first to comment
RSS