Stream Lanka - Watch Videos Online
Welcome
Login / Register

Rukmani Devi (රුක්මනී දේවි) - Streamlanka කලා ලෝකය

Thanks! Share it with your friends!

URL

You disliked this video. Thanks for the feedback!

Sorry, only registred users can create playlists.
URL


Added by Ruchira Lakshitha in Kala Lokaya
137 Views

Description

https://www.streamlanka.com

https://www.youtube.com/user/streamlanka/videos

#Streamlanka_කලා_ලෝකය

 

______________________________________________________________________________________________________

ඩේසි ඩැනියල්ස් (1923 ජනවාරි 15 — 1978 සැප්තැම්බර් 25) වු කල් ශ්‍රී ලංකාවේ ජීවත් වු ප්‍රවීණ රංගන ශිල්පිණියක් සහ ගායිකාවකි. රුක්මණී සංස්කෘතියට අයත් ජනප්‍රිය කලාකාරිනියකි. ප්‍රථම සිංහල සිනමාවේ නිළිය මෙන්ම සිංහල සිනමාවේ අග්‍රගනය නිළිය ද, සිංහල සංගීතයේ අග්‍රගනය්‍ය ගායිකාව ද වේ. ශාන්ත මැතීවී විදුහලේදී විවිධ ප්‍රසංග සඳහා රුක්මණී දේවි සහභාගි වුවාය.ඇය ශ්‍රී ලංකාවේ අසහාය ගීත කෝකිලාවක් ලෙස හදුන්වනු ලැබයි. වේදිකා රංගනයෙන් රංග දිවිය ඇරඹු ඈ රිදී තිරයට පැමිණ සියයකට අධික චිත්‍රපට සංඛ්‍යාවක රගපෑවා ය. ග්‍රැමෆෝනක් යුගයේදි ශ්‍රී ලංකාවේ ඉදිරියෙන්ම සිටි ගිත කෝකිලාව විමට තරම් ඇය භාග්‍ය සම්පන්න වුවා ය. ඇයගේ මරණයෙන් පසු ඈ සරසවිය රණ තිසර (ජීවිතයේ එක් වරක් පමණක් පිරිනැමෙන) සම්මානයෙන් 1979 සරසවි සම්මා උළෙලේදි පිදුම් ලැබුවාය.

වේදිකා රංගනයෙන් තිරයට පිවිසෙන ඈ, ලංකාවේ ප්‍රථම නිළිය වූවාය. ගායනයෙන් ගීත කෝකිලාවිය ද වූ ඇය ඉතාම නිහතමානී කාන්තාවක වූ අතර ඇය තුළ තිබූ විනය හා කැපවීම ආදර්ශවත් ය. පුරාවෘතයක්‌ බඳු වූ රුක්‌මණී දේවි නම් වූ සුවිශේෂී කලාකාරිය බිහි වූ සමාජ හා සංස්‌කෘතික පසුබිමද පිරිස්‌සා බැලීමේ දී, රුක්‌මණීය ම කියා ඇති පරිදි කාන්තාවක්‌ කලාවට සම්බන්ධ වීම, අවඥාවෙන් සැලකූ යුගයකි. නිළියන් ගැන කතා කරන විට "මොනවද ඔය ටීටර් කාරයෝ" යෑයි මහජනයා සඳහන් කළේ ඉතාම පහත් කොටසක්‌ ගැන කතා කරන කලෙක මෙ නැයි 1956 දී ලියා පළ කළ "මගේ ජීවිත විත්ති" නම් වූ ග්‍රන්ථයෙහි ලා කියා පායි. එබඳු වටපිටාවක නිළියක හා ගායිකාවක ලෙස කලාවට ප්‍රවිශ්ට වීමට තරම් රුක්‌මණී දැක්‌ වූ එඩිතර භාවය අගනේ ය. අද පවතින නිළි සංස්කෘතියට ඉඩ ලබා දුන්නේ ඇයයි.

Post your comment

Comments

Be the first to comment
RSS