Stream Lanka - Watch Videos Online
Welcome
Login / Register

Wijaya Nanndasiri (විජය නන්දසිරි) - Streamlanka කලා ලෝකය

Thanks! Share it with your friends!

URL

You disliked this video. Thanks for the feedback!

Sorry, only registred users can create playlists.
URL


Added by Ruchira Lakshitha in Kala Lokaya
75 Views

Description

https://www.streamlanka.com

https://www.youtube.com/user/streamlanka/videos

#Streamlanka_කලා_ලෝකය

 

______________________________________________________________________________

ඉලුක්පිටිය මුදියාන්සේලාගේ විජය නන්දසිරි ශ්‍රී ලාංකික නළුවෙකු, නිවේදකයෙකු, ගායකයෙකු වෙයි. විදුර දිව නාට්‍යයෙන් කලා දිවිය ඇරඹූ ඔහු  මනමේ, සිංභාහු කුවේණි  රත්නාවලී වැනි වේදිකා නාට්‍යයන්හි රංගනයෙන් දායක වූයේය. මාතර ආච්චි චිත්‍රපටයෙන් සිනමාවට පැමිණි ඔහු නෑදෑයෝ සිනමාපටයෙන් සිනමා නළුවෙකු ලෙස සිනමාවට අවතිර්ණ විය.

නන්දසිරි මහතා වේදිකාවට, සිනමාවට මෙන්ම රූපවාහිනියටද තම දක්ෂතා ඉදිරිපත් කළේය. නෝනාවරුනි මහත්වරුනි, යර්ස් බොස්, එතුමා, මෙතුමා ටෙලිනාට්‍යන්හි හාස්‍ය උත්පෝදක චරිතයක් වූයේය. එහි ප්‍රතිඵලයක් වශයෙන් ඔහු සිකුරු හතේ, සුහඳ කොකා වැනි විකට චිත්‍රපට ඔස්සේ ප්‍රහසන රංගන ශිල්පියකු ලෙස ප්‍රේක්ෂකයන් අතර ඉමහත් ජනප්‍රියත්වයට පත්විය.

1966 වසරේදී අමරදාස ගුණවර්ධනයන්ගේ "විදුර දිව" වේදිකා නාට්‍යයෙන් ක්ෂේත්‍රයට පිවිසි ඔහු සිංභාහු, මහාසාර, නරිබෑනා, ජසයා සහ ලෙන්චිනා, රත්නාවලී, තාරාවෝ ඉගිලෙති, හුණුවටයේ කතාව, කුවේණි, වෘෂභ රාජ, සුබ සහ යස, කුස පබාවතී ආදී වේදිකා නාට්‍ය 40කට වැඩි සංඛ්‍යාවකට රංගනයෙන් දායකත්වය සපයා ඇත. යස ඉසුරු, නෑදෑයෝ, රේල්පාර, සසර, සඳකඩ පහණ, කිං හන්තර්,බංගලි වලලු ඔහු රඟපෑ චිත්‍රපට අතර වේ. "පුංචි පහේ මං" වැනි වැඩසටහන් ද ඔහු විසින් ඉදිරිපත් කළේය.

Post your comment

Comments

Be the first to comment
RSS